Previous Next

ලෝක ගුවන්විදුලි දිනය - 2025

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 පෙබරවාරි 13 දිනට යෙදී තිබුණු ලෝක ගුවන්විදුලි දිනය නිමිති කොටගෙන ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ යුනික් රේඩියෝ සංගමය විසින් "විනිස කාලීන සංවාද කෘතිය" එළි දක්වන ලදී. යුනික් රේඩියෝවෙහි 2022 වර්ෂයේ සිට මේ දක්වා විකාශය වූ විනිස කාලීන සංවාද වැඩසටහන ඇසුරෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මෙම අවස්ථාවට ආරාධිත දේශකයින් ලෙස සම්මානිත මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර යන විද්වත්හු සම්බන්ධ වූහ.

විනිස කාලීන සංවාද කෘතිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල කීර්ති ද පැස්කුවෙල් මහතාගේ උපදේශකත්වයෙන් සම්පාදනය වූ අතර කනිෂ්ඨ අධිශිෂ්‍යත්වලාභී සතුශ්ක ජයවර්ධන, කනිෂ්ඨ අධිශිෂ්‍යත්වලාභී දිමුතු ජිනසේන සහ නිසංසලා අබේගුණසේකර යන අය සංස්කාරකත්වය දැරූහ.

ලෝක ගුවන්විදුලි දිනය සැමරීමේ උත්සවය අධ්‍යයනාංශයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේ පැවැත්වුණු අතර මෙයට අධ්‍යයනාංශයේ ආචාර්යවරුන්ද යුනික් රේඩියෝ සංගමයේ විද්‍යාර්යින්ද සම්බන්ධ විය.

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search