Previous Next

ජනසන්නිවේදන හා මහජන සම්බන්ධතා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2022

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2022 මාර්තු 27 වන දින කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජයීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි

සමාජීය විද්‍යා පීඨාධිපති මහාචාර්ය එම්. එම් ගුණතිලක මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අතර මුඛ්‍ය දේශකයා වූයේ තොරතුරු තාක්ෂණය හා ව්‍යවසායකත්වය පිළිබඳ දේශක රංගන ශිල්පී පීටර් ද අල්මේදා මහතා ය.

ජනසන්නිවේදන, මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ සහ සන්නිවේදනය හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා හදාරන ලද 163 දෙනෙකු මේ දින ඩිප්ලෝමාලාභීහු බවට පත් වූහ.

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ වැඩබලන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්වූහ.

 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search