Previous Next

2022 මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කෙරේ 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2022 වර්ෂයට අදාළ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා  පාඨමාලාව සමාරම්භක උත්සවය මාර්තු මස 20 වන දින පෙ.ව. 10.00 ට මාර්ගගත ක්‍රමයට  පැවැත්විණ. පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම පාඨමාලා සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් සිදු කරන ලදී.

එමෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්. එම් ගුණතිලක මහතා විසින් නවක ඩිප්ලෝමා අපේක්ෂකයින්හට ශුභාශිංසන එක් කරන ලදී. ආචාර්ය මණ්ඩලය හඳුන්වාදීම අධ්‍යයනාංශයේ වැඩ බලන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් සිදු කළ අතර මුඛ්‍ය දේශනය සීමාසහිත එම්. ටී. වී චැනල් පුද්ගලික සමාගම හා සිමාහිත එම්. බී. සී නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම් අධ්‍යක්ෂ අසෝක ඩයස් මහතා විසින් සිදු කරන ලදී.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search