Previous Next

ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය - 2023

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය  පසුගිය ජනවාරි 22 වන දා සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි. සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා,  ජනසන්නිවේදනය ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධිකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනිති ජයසේකර මහත්මිය, මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධිකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය හා සන්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධිකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ  සහභාගීත්වයෙන්  පැවති ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ  සිසුන් සියයකට ඩිප්ලෝමා ප්‍රදානය කෙරිණි. උත්සවයේ   මුඛ්‍ය දේශකයා ලෙස සංගීත ශිල්පී සන්තුෂ් වීරමන් මහතා සහභාගී විය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search