" ගුවන් විදුලිය හා සාමය" තේමා කරගත් 2023 ලෝක ගුවන් විදුලි දිනය ඉකුත් පෙබරවාරි 13 වන දිනට යෙදී තිබුණි. ලෝක ගුවන් විදුලි දිනයත් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් පසුගිය වසරේ ආරම්භ කළ යුනික් වෙබ් රේඩියෝවට වර්ෂයක් පිරීමත් සනිටුහන් කරමින් ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ යුනික් රේඩියෝ සමාජය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන 13 වන දා පෙරවරු 9.30 ට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ආරාධිත දේශකයන් වශයෙන් සන්නිවේදන විශේෂඥ එම්. ජේ. ආර් ඩේවිඩ් මහතා, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්යක්ෂ ඉන්දික ජයරත්න මහතා හා FM දෙරණ ප්රවෘත්ති කළමණාකරු වරුණ සංජීව ලියනගේ යන මහත්වරුන් ද ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයද ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් ද සම්බන්ධ විය.