Previous Next

ආලම්බන - 2023 ඡායාරූප තරඟාවලිය හා ප්‍රදර්ශනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනසන්නිවේදන අධ්‍යයන අංශය සංවිධානය කළ ආලම්බන - 2023 ඡායාරූප තරඟාවලිය හා ප්‍රදර්ශනය මැයි මස 11 සහ 12 දෙදින K3 ගොඩනැගිල්ලේ පළමු මහලේ පැවැත්විණි. එහි සමාරම්භය සමාජීය විද්‍යා පීඨ පීඨාධිපති, මහාචාර්ය එම්.එම් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨවල අංශ ප්‍රධානවරු, සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ හා සමාජීය විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරු සහ ජනසන්නිවේදන අධ්‍යයන අංශ ආචාර්ය මණ්ඩලය ද ඊට සහභාගී වූහ.

ඡායාරූප තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ඡායාරූප 500ක් අතරින් ඡායාරූප 80ක් ප්‍රදර්ශනය සඳහා තෝරාගත් අතර තරඟාවලියේ ප්‍රථම ස්ථානය භෞතික හා ඉලෙක්ට්‍රොනික විද්‍යා අධ්‍යයන අංශයේ A හෂාන් ධනංජය දිනාගත්තේ ය. දෙවන ස්ථානය භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ K.H.C.U ප්‍රියංකර ද තෙවන ස්ථානය නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා ඒකකයේ ප්‍රසාද් මදුසංක ද දිනාගත්හ. ඊට අමතරව කුසලතා සම්මාන 10ක් පිරිනමනු ලැබී ය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search