Previous Next

නසන්නිවේදන සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උලෙළ 2024

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් පවත්වනු ලබන ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ 20 වෙනි කණ්ඩායමේ සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ 08 වෙනි කණ්ඩායමේ සමාරම්භක උලෙළ 2024 ඔක්තෝබර් මස 6 වන දින සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 
 
සමාරම්භක උලෙළේ මුඛ්‍ය දේශනය දේශපාලන  ආර්ථික විද්‍යාඥවරියක්  වන ආචාර්ය වගීෂා ගුණසේකර මහත්මිය විසින් "කතන්දර යටින් එබී මාධ්‍ය කියවමු’’  (The Role of Narratives in Mass Media) යන මාතෘකාව යටතේ සිදු කරන ලදි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා, ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක කථිකාචාර්ය ඉලේකා රැවන්පතිරණ සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක කථිකාචාර්ය දිලිනි ගමගේ ඇතුළු ආචාර්ය මණ්ඩලය, ඩිප්ලෝමා
පාඨමාලා අපේක්ෂකයින් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search