සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ නවතම නිර්මාණය වන කොන්ෆියුසියස් නාට්‍ය 2025 අගෝස්තු 27 දින සවස 3.00 ට කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී වේදිකාගත කෙරිණි.
මේ අවස්ථාවට සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම් ගුණතිලක මහතා ඇතුළු අනෙකුත් පීඨයන්හි පීඨාධිපතිවරුන්, අනෙකුත් අධ්‍යයන අංශයන්හි අංශාධිපතිවරුන් සහ
ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය මනෝජ් ජිනදාස මහතා ඇතුලු ආචාර්යවරුන්, විද්‍යාර්ථීන් සහ ආරාධිතයින් රැසක් සහභාගී වූහ.
සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ සොක්‍රටීස් නාට්‍යයෙන් වසර 32 ට පසුව මෙම කොන්ෆියුසියස් නාට්‍ය නිර්මාණය වීම සුවිශේෂී වේ.
මීට වසර ගණනාවකට පෙර චීනයේ විසූ ප්‍රමුඛ කොන්ෆියුසියස් නම් දාර්ශනිකයාගේ චරිතය පාදක කර ගනිමින් මෙම ප්‍රතිඅපදානාත්මක රංගය නිර්මාණය කර ඇත.
ගැහැනියක්, සයුරෙන් ආ ළඳ, ජනහතුරා, සොක්‍රටීස්, පොකුරු වැස්ස, චෙකෝව් සන්ධ්‍යාව, මගමරුවෝ, ඊසොප්, ශිල්ප සත්වෙනි දවස, මැන්ඩෙලා ගීතය, ධර්මපාල පුනරාගමනය, සුරූපිය සහ මෘග, සෝනියා යන නාට්‍යය මෙතුමාගේ අනෙකුත් නාට්‍ය නිර්මාණ අතර වේ.



