ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ, ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ සහාය මහාචාර්ය, ආචාර්ය ශ්‍රැති ගොඑල් (Dr Shruti Goel) මහත්මියගේ සහභාගීත්වයෙන් "සංවර්ධන සන්නිවේදනය, ඩිජිටල් මාධ්‍ය හා ආසියාව" මැයෙන් ආරාධිත දේශනයක් 2025.09.04 දින සවස 3.00 ට කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජවිද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මේ අවස්ථාවට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපතිතුමා, ආචාර්ය මණ්ඩලය, සමාජීයවිද්‍යා පීඨයේ අනෙකුත් අධ්‍යයන අංශයන්හි අංශාධිපතිවරුන්, කථිකාචාර්යවරුන් ඇතුළු ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී ගෞරව උපාධි හා මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි හදාරන විද්‍යාර්ථිහු සහභාගී වූහ.



