ශ්‍රී ලාංකේය ගුවන්විදුලිය සියවස් සැමරුම නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මඟින් සංවිධානය කරනු ලද දේශන මාලාවේ පළමු දේශනය, “ගුවන්විදුලි සන්නිවේදන සියවස සහ පූරක යුග” මැයෙන් ආරාධිත දේශනක්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පර්යේෂණ, පුහුණු සහ විදේශ සබඳතා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමාලි උත්පලා නන්දසිරි, සහකාර කථිකාචාර්ය හංසිකා සෙව්වන්දි, සහකාර කථිකාචාර්ය නිපුණි භාග්‍යා, සහකාර කථිකාචාර්ය ජනනි පමෝද්‍යා ඇතුළු ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ගෞරව උපාධි පාඨමාලාවේ පළමු හා දෙවන වසර විද්‍යාර්ථිහු සහභාගි වූහ.



