Previous Next

අභිසර අභිමන්' ගුවන්විදුලි සියවස් සැමරුම (1925-2025)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා ගුවන්විදුලියට සියවසක් සපිරීම නිමිත්තෙන්, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ යුනික් රේඩියෝ සංගමය මඟින් සංවිධානය කරන ලද “අභිසර අභිමන්” ගුවන් විදුලි සියවස් සැමරුම (1925-2025) 2025 දෙසැම්බර් මස 16 වන දින කැලණිය විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලාංකේය ගුවන්විදුලියේ උන්නතිය උදෙසා සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ සම්භාවනීය ආරාධිතයන් 12 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, මෙහිදී සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, කරුණාරත්න අමරසිංහ මහතා, හඩ්සන් සමරසිංහ මහතා, විජේරත්න වරකාගොඩ මහතා, චන්දන තිලකරත්න මහතා, විජය කොරයා මහතා, ආචාර්ය ගාමිණී කාරියවසම් මහතා, පී.එල්. ධර්මවර්ධන මහතා, ආචාර්ය ලයනල් පින්තු මහතා, ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය, විසාලාක්ෂි හමීඩ් මහත්මිය සහ ඤය් රහීම් ෂහීද් මහත්මිය ඇගයීමට පාත්‍ර වූහ.

ශ්‍රී ලංකා ගුවන්විදුලියට සියවසක් සපිරීම සනිටුහන් කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද සමරු කලාපයක් එළිදැක්වීම මෙම අවස්ථාවේ දී සිදු වූ සුවිශේෂ කර්තව්‍යක් විය. තව ද, මෙම අවස්ථාවට පැමිණි ගෞරවනීය ආරාධිතයන් ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි ක්ෂේත්‍රයට කළ අමිල සේවය අගයමින් ඔවුන් වෙත සමරු පළක හා තිලිණ ප්‍රදානයක් ද මෙහි දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්. එම්. ගුණතිලක මහතා, ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස මහතා ඇතුළු ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, සමාජීය විද්‍යා පීඨයේ අංශ ප්‍රධානීන්, සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨවල අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්, මාධ්‍යෙව්දීන් සහ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search