කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2022 වර්ෂයට අදාළ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය ජුලි මස 17 වන දින පෙ.ව. 09.00 ට මාර්ගගත ක්‍රමයට පැවැත්විණ. පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් සිදු කරන ලදී.
ආචාර්ය මණ්ඩලය හඳුන්වාදීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා විසින් සිදු කළ අතර මුඛ්‍ය දේශනය හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් සිදු කරන ලදී. වැඩසටහන මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කිර්ති ද පැස්කුවෙල් මහතා විසින් සිදු කළ අතර සමාරම්භක උත්සවය පිළිබඳ සමාලෝචනය සහ සහභාගී වූවන්ට ස්තුතිය පුදකිරීම සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා විසින් සිදු කරන ලදී. පාඨමාලාවේ දේශන කටයුතු ආරම්භය අගෝස්තු 07 ඉරිදා දින පෙ.ව. 08.30 ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුවිණ.