Previous Next

ඉරා අඳුරු පට ඉඩදෙන්න හෙට දිනට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය විසින්   "ඉරා අඳුරු පට ඉඩදෙන්න හෙට දිනට " යන නමින්  සුරක්ෂිත දරු පරපුරක් වෙනුවෙන් සමාජ කතිකාවතක් ගොඩ නැගීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.  එහිදී ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් පිටුවේ පලකිරීම සඳහා විවෘතව ඉරා අදුරු පට ඉඩදෙන්න හෙට දිනට යන තේමාව යටතේ නිර්මාණ භාර ගැනීම සිදු කෙරුණු අතර  තේමා පාඨය භාවිතා කරමින් ෆේස්බුක් ඔස්සේ විවෘතව අදහස් සහ මත ඉදිරිපත් කිරීම සිදුකෙරුණි. 

තවද සමාජය තුළ බොහෝ දෙනා ප්‍රිය කරන සහ වැදගත් ක්ෂේත්‍රයන්ගේ නියැලෙන පුද්ගලයින්ගෙන් අදහස් විමසීමක් සහිතව වීඩියෝ පට ලබාගෙන එම වීඩියෝ පට ප්‍රචාරණය කිරීම සිදුවිය. 

එහිදී, ගුවන්විදුලි අධ්‍යක්ෂ සුජීව හරිස්චන්ද්‍ර  , ප්‍රවීණ නිවේදක චමින්ද ගුණරත්න ,  ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න,  ජනප්‍රිය රංගන ශිල්පිනී නිරන්ජනී ෂන්මුගරාජා, ජනප්‍රිය රංගන ශිල්පිනී යුරේනි නොෂිකා,  මනෝවිද්‍යා උපදේශිකා රසිනි බණ්ඩාර, ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදිකා ශෙරෝන් , කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ ලංකා බණ්ඩාරනායක යන අය විසින් වීඩියෝ පට ලබාදීම සිදුකෙරුණු අතර ජන සන්නිවේදන ශිෂ්‍ය සංගමය සිසුන් විසින් කෙටි වීඩියෝ පට නිර්මාණය කිරීමද මෙම වැඩසටහනට අදාළව සිදු කෙරුණි. 

සන්නිවේදන කතිකා " සාකච්ඡා මාලාව යටතේ
"ඉරා අදුරු පට ඉඩදෙන්න හෙට දිනට"  වැඩසටහන් මාලාවට සමගාමීව  සුරක්ෂිත ළමා පරපුරක් වෙනුවෙන් නෛතික කාර්ය භාරය සහ මාධ්‍ය සතු වගකීම යන තේමාව යටතේ සැප්තැම්බර් 4 වන දින සවස 6ට විද්වත් කතිකාවක් ද පැවැත්විණි.  කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනිති ජයසේකර විසින් මෙම කතිකාව මෙහෙයවූ අතර සම්පත් දායකත්වය සපයනු ලැබූවේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ප්‍රීතිකා සකලසූරිය සහ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි විසිනි. 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search