Previous Next

ප්‍රජාතන්ත්‍රවාදය සහ තොරතුරු අයිතිය 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයීය ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සන්නිවේදන කතිකා සාකච්ඡා මාලාවේ හතරවන කතිකාව ප්‍රජාතන්ත්‍රවාදය සහ තොරතුරු අයිතිය යන මාතෘකාව යටතේ සැප්තැම්බර් මස 28 වන දින සවස 06ට  පැවැත්විණි.  ජාත්‍යන්තර තොරතුරු වෙත ප්‍රවේශවීමේ දිනයට සමගාමීව තාක්ෂණය ඔස්සේ  සාකච්ඡාව පැවැත්විණි . 

 මෙම කතිකාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් මෙහෙය වූ අතර සම්පත්දායකත්වය ලබා දෙනු ලැබුවේ නීතිඥ ජගත් ලියනාරච්චි මහතා සහ මාධ්‍යවේදී තරිඳු  ජයවර්ධන මහතා විසිනි.
 නීතිඥ ජගත් ලියනාරච්චි මහතා "තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත සහ රාජ්‍ය වගකීම්" යන මාතෘකාව යටතේ කතිකාව සිදු කළ අතර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා "තොරතුරු වෙත ප්‍රවේශ වීමේදී ජනමාධ්‍යකරුවාගේ භූමිකාව" යන මාතෘකාව ඔස්සේ සාකච්ඡාව සිදු කළේය.
 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search