Previous Next

The studio 21' 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද නිවේදන වැඩමුළුවක් නොවැම්බර් මස 10 සහ 12 යන දිනයන්හීදී සවස 6 සිට 8 දකවා පැවැත්විණි.මෙය ( Zoom ) තාක්ෂණය ඔස්සේ පැවැති අතර මෙම නිවේදන වැඩමුළුව ' The Studio 21' ලෙස නම් කර තිබූ අතර  ප්‍රධාන තේමාවන් දෙකක් යටතේ පැවැත්වුණි.

මෙහි පළමු දිනය ' ප්‍රවෘත්ති නිවේදනය" තේමාවට අදාලව ජාතික රූපවාහිනියේ ප්‍රවීණ නිවේදක චමින්ද ගුණරත්න මහතා සිය සම්පත් දායකත්වය ලබා ලබාදී තිබුණි. 

මෙහි දෙවන දිනය ' වැඩසටහන් ඉදිරිපත් කිරීම' යන තේමාව යටතේ පැවති අතර එහිදී සම්පත් දායකත්වය ලබාදී ඇත්තේ ජාතික රූපවාහිනියේ ප්‍රවීණ නිවේදක අසේල බන්ඩාරනායක මහතා විසිනි . 

මෙම නිවේදන වැඩමුළුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ 1000 කට අධික පිරිසකගේ සක්‍රීය සහභාගීත්වය  යටතේ පැවැත්විණි.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search