Previous Next

Monday Cinema  Festival

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යන අංශයේ ජනසන්නිවේදන ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලබන 'Monday cinema' චිත්‍රපට ප්‍රදර්ශනය හා සංවාද වැඩසටහන මේ දිනවල  ක්‍රියාත්මක වෙමින් පවති.

මෙවර කෙටි චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය හා සංවාදයට බදුන් වන අතර නොවැම්බර් මස 1 වන දින පිලිප් සැම්සොන් සහ ඔලී විලියම්ස් අධ්‍යක්ෂණය කරන The black hole සහ Dayyan End  අධ්‍යක්ෂණය කරන bus 44 කෙටි චිත්‍රපට ද්විත්වය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කතිකාචාර්ය මංගල පැස්කුවල් ගේ සංවාද ගොඩ නැගිමෙන් පෝෂණය විය.

නොවැ  8 වන  සදුදා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ ලංකා බණ්ඩාරනායක ගේ  tradition නම් සම්මානනීය කෙටි චිත්‍රපටය ජේෂ්ඨ කථිකාචාර්ය  සමන්තිකා ප්‍රියදර්ශනී හා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ   ලංකා බණ්ඩාරනායක ගේ ප්‍රධාන සංවාද දායකත්වයෙන් පොෂණය විය. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ තරිදු රාමනායක අධ්‍යක්ෂණය කරන  krimikosh  කෙටි චිත්‍රපටය නොවැම්බර් මස 15 වන දින ජේෂ්ඨ කථිකාචාර්ය  දර්ශන මාපා තිලකරත්න සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ තරිදු රාමනායකගේ  ගේ සහභාගිත්වයෙන් සිදු විය.එමෙන්ම නොවැම්බර් මස 22 සදුදා දින නිස්සංක  වෙහෙරාදුව තිර රචනාකළ ලක්ෂිත ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ පෙටුනියා කෙටි චිත්‍රපටය සංවාදයට බදුන් විය.එළඹෙන දෙසැම්බර් මාසයේදිත් ජනප්‍රිය සහ සම්මානනීය කෙටි චිත්‍රපට රැසක් monday cinema  තුලින් සංවාදයට ගැනිමට සැලසුම් කර ඇත .

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search