කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ විශේෂවේදි දෙවන වසර විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන අයිරිස් පොදු ව්‍යාපෘතියට යටත්ව ප්රභාෂණ 2021 සම්මන්ත්රණ මාලාව මේ දිනවල මාර්ග ගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙමින් තිබේ.
දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමාණයක් හදාරන ආර්ථික විද්‍යාව,දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව,සිංහල, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යන විෂයන්ට යටත්ව එක් විෂයකට දින දෙකක් මෙම සම්මන්ත්‍රණය පවත්වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් විසින් දේශන මෙහෙයවීම සිදු කරයි.
මෙම සම්මන්ත්රණ මාලාව 2021 නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 5 දකවා පැවැත්වේ.