Previous Next

තුරු විමනක ඔසු ගුණ වරුණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැලණිය විශ්වවිද‍්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ 07 වන කණ්ඩායම විසින් සංවිධානය කළ "තුරු විමනක ඔසු ගුණ වරුණ" දේශීය ඖෂධීය ශාක හා අාහාර පිළිබඳ අනාගන පරපුර දැනුවත් කිරීමේ වැඩසටහන, 2024.07.04 දින කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පෙ.ව 8.00 සිට ප.ව 12.00 දක්වා පැවැත්විනි.

වැඩමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස ආයුර්වේද විද්‍යාලයේ හිටපු විදුහල්පති වෛද්‍ය හේමලාල් සේපාල මහතා සහභාගී විය. උත්සවයේ ප්‍රධාන අමුත්තන් ලෙසින් කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සහ කොළඹ ඩඩ්ලිසේනානායක විද්‍යාලයේ විදුහල්පති පූජ්‍යය උලපනේ සුමංගල හිමි සහභාගී විය. මහජන සම්බන්ධතා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධිකාරක කථිකාචාර්ය දිලිනි ගමගේ, කථිකාචාර්ය අයේෂ් විජේසිංහ, කථිකාචාර්ය ඉලේකා රුවන්පතිරණ, ආධුනික කථිකාචාර්ය දසිනි මදුරසිංහ, සහකාර කථිකාචාර්ය සකීෆ් සාම්, සහකාර කථිකාචාර්ය දිමුතු ජිනසේන, සහකාර කථිකාචාර්ය සතුෂ්ක ජයවර්ධන, සහකාර කථිකාචාර්ය හංසනී ජයවික්‍රම සහ සහකාර කථිකාචාර්ය මහේෂා පියුමාලි සහභාගී විය. සබරගමුව පළාත් සභාව නියෝජනය කරමින් සහකාර ප්‍රවෘත්ති අධ්‍යෂක ඩෙන්සිල් වීරසූරිය මහතා ද සහභාගී විය. V fm සභාපති ෂනිල් මෙන්ඩිස් මහතා සහ ලක් fm සාමාන්‍යාධිකාරී කුලරුවන් කුසුම්තිලක මහතා ද මෙම උත්සවයට සහභාගී වූහ.

වැඩමුළුව හරහා පාසල් දරුවන්ට දේශීය ඖෂධ හා ශාක පිළිබඳ දැනුවත් කිරීම, ළමුන් තුළ පරිසර සංවේදී ආකල්ප ඇති කිරීම හා පරිසරය හා ශාක වර්ග ආරක්ෂා කිරීමට ළමා මනස සකස් කිරීම සිදු විය. එමෙන්ම මෙම වැඩසටහන හරහා සහභාගී වූ ළමුන්ට ඖෂධ පැළ, දේශීය ඖෂධ පිළිබඳ අත්පත්‍රිකා, සහතික පත්‍ර සහ ත්‍යාග ප්‍රදානයද සිදු විය.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search