කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ, සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වන කණ්ඩායම විසින් සංවිධානය කළ ''සුවාත්‍රා" සෞඛ්‍ය කඳවුර පසුගියදා (ඔක්තෝබර් 19) රත්නපුර, එරත්න ලස්සකන්ද ශ්‍රී සමන්තභද්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, සිප්ලා ෆාමා ලංකා ආයතනය, හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය ආදී ආයතන කිහිපයක සහයෝගයෙන් මෙම කදවුර සංවිධාන කෙරිණි.
සෞඛ්‍ය කදවුර මගින් අක්ෂි පරීක්ෂණ, ඇස් කණ්ණාඩි ලබා දීම, තෝරාගත් අට දෙනෙකුට අක්ෂිකාච ලබා දීම සදහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම, රුධිරගත සීනී පරීක්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව, පෙනහලු පරීක්ෂාව ආදී සායනික සේවා රැසක් නොමිලේ සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලය සහ අනුග්‍රාහක ආයතන ප්‍රධානීහු රැසක් ද සහභාගී වුහ.
සුවාත්‍රා සෞඛ්‍ය කඳවුර සදහා ලස්සකන්ද, අඩවිකන්ද, එරත්න හා සූදගල ගම්මාන ආශ්රිත දහසකට ආසන්න ජනතාවක් සහභාගී වූහ.
The "Suvātrā" Health Camp, organized by the 5th batch of the Higher Diploma in Communication & Public Relations of the Department of Mass Communication, University of Kelaniya, was held recently (19th of October), at the Lassakanda Sri Samantabhadrarama Temple in Eratne, Ratnapura.
This camp was conducted in collaboration with several key institutions, including the Divisional Secretariat, Kuruwita; Medical Officer of Health (MOH) Office, Kuruwita; Sri Lanka Eye Donation Society; Cipla Sri Lanka, and HelpAge Sri Lanka.
The health camp offered a range of free clinical services, such as eye tests, distribution of spectacles, coordination of the provision of contact lenses for eight selected individuals, blood sugar tests, cholesterol checks, lung function tests, and more.
The camp witnessed the participation of many heads of various institutions as well as the academic staff of the Department of Mass Communication, University of Kelaniya.
Furthermore, the camp was attended by nearly a thousand residents from the villages of Lassakanda, Adavikanda, Eratne and Sudhagala.