Previous Next

PRaදීප 2024

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මනුසත් හදවතක් - අරුත්බර පරපුරක් තේමා කොටගත් “PRaදීප  2024" වැඩසටහන කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණ ශිෂ්‍ය  සංගමයේ තෙවන වසර විද්‍යාර්ථයින්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 29 දින වෑගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ පැවැත්විණි.

දුෂ්කර පාසැලක් වන වෑගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ 1ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු දරුවන් සදහා අවශ්‍ය අභ්‍යාස පොත් ඇතුළු  පාසල් උපකරණ හා පුස්තකාලයට අවශ්‍ය  පොත් ද, පාසැලට අවශ්‍ය කාර්යාලීය උපකරණද මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය. තවද මෙම දරුවන් සඳහා විවිධ අධ්‍යාපනික වැඩසටහන් හා දේශන ද සංවිධානය කෙරුණි.

මෙම වැඩසටහන සඳහා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විෂය සම්බන්ධීකාරක කථි. දසිනි මදුරසිංහ, බා.කථි. දිමුතු ජිනසේ​න, සහ.කථි. මහේෂා පියුමාලි, සහ.කථි.හංසිකා සෙව්වන්දි  මෙන්ම යටියන්තොට අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරුන්ද, වෑගල්ල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති මේජර් ජයකොඩි මහතා ඇතුළු  ආචාර්ය මණ්ඩලයද  දෙමව්පියෝද සහභාගී වූහ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search