Previous Next

Launching the first online issue of Sanniwedakaya magazine (The Communicator)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Launching the first online issue of Sanniwedakaya magazine (The Communicator), published by the Department of  Mass Communication, Kelaniya University, took place on 27.09.2022. Sanniwedakaya Magazine Started as a printed version in the year 1997, and several issues have been published under specific themes. The first online issue was published on the theme of Protest communication.

The launch was held via Zoom and Dr. Ariyaratne Athugala and Prof. Dr. Thilakaratne, the founding editors of the magazine, participated in the event. Also, Mr. C. Dodawatta, the former convener of the Free Media Movement, and Mr. Umair Wolid, the President of the Sri Lanka Digital Marketers Association, also participated as guests. Sen. Lec. Wijayananda Rupasinghe, the current editor-in-chief of the magazine, moderated the event.

කැලණිය  විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මඟින් ප්‍රකාශිත සන්නිවේදකයා සඟරාවේ පළමු ඔන්ලයින් කලාපය එළි දැක්වීම 2022.09.27 දින සිදු විය. 1997 වර්ෂයේ මුද්‍රිත සඟරාවක් වශයෙන් ආරම්භ කළ සන්නිවේදකයා මාධ්‍ය ත්‍රෛමාසිකයේ විශේෂ කලාප කිහිපයක් ම වරින්වර පළ වී ඇත. මෙවර කලාපය අරගල සන්නිවේදනයේ මාධ්‍ය භාවිතය යන තේමාවෙන් පළ විය.

ඉකුත් දා පැවැති පළමු ඔන්ලයින් කලාපය එළි දැක්වීම සහ සාකච්ඡාව Zoom ඔස්සේ පැවැත්වුණු අතර සාකච්ඡාවට සඟරාවේ ආරම්භ සංස්කාරකවරු වන ආචාර්ය ආරියරත්න ඇතුගල, ආචාර්ය මාපා තිලකරත්න යන මහතුන් සහභාගී වූහ. එමෙන් ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සී දොඩාවත්ත මහතා සහ ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති උමයිර් වොලිඩ් මහතා ද ආරාධිතයන් ලෙස සහභාගි වූහ. සඟරාව එළිදැක්වීම සහ සාකච්ඡාව සඟරාවේ වත්මන් ප්‍රධාන සංස්කාරක, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති විජයානන්ද රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search