Previous Next

ජනසන්නිවේදන ශාස්ත්‍රපති සහ සමාජීය විද්‍යාපති පාඨමාලාව 2023 සමාරම්භ​ය

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨය මගින් පවත්වනු ලබන ශාස්ත්‍රපති ( MA) හා සමාජීය විද්‍යාපති(MSSc) පාඨමාලාවන්හි 24 වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් මස 7 වන දින උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ධර්මාලෝක ශාලාවේ දී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතා විසින් පවත්වනු ලැබූ අතර සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතා, අංශ ප්‍රධානවරු සම්බන්ධීකාරක වරු ඇතුළු පීඨයේ ආචාර්ය මණ්ඩලය ඊට සහභාගි වූහ.

ලේඛකාධිකාරී කේ. කේ. කේ. ධර්මතිලක, සමාජීය විද්‍යා පීඨයේ සහකාර ලේඛකාධිකාරී නාලික කන්දෙවත්ත සහ පශ්චාත් උපාධි අපේක්ෂකයෝ ඊට සහභාගි වූහ. ජනසන්නිවේදන ශාස්ත්‍රපති සහ සමාජීය විද්‍යාපති පාඨමාලාවන්ට අදාල දේශන 2023. 10. 22 (ඉරිදා) පෙරවරු 09.00 ට අධ්‍යයන අංශ පරිශ්‍රයේදී අරම්භ වීමට නියමිතයි.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search