Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2022 වර්ෂයට අදාළ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ  සමාරම්භක උත්සවය ජුලි මස 17 වන දින පෙ.ව. 09.00 ට මාර්ගගත ක්‍රමයට  පැවැත්විණ. පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් සිදු කරන ලදී. ආචාර්ය මණ්ඩලය හඳුන්වාදීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා විසින් සිදු කළ අතර මුඛ්‍ය දේශනය හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් සිදු කරන ලදී. වැඩසටහන මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කිර්ති ද පැස්කුවෙල් මහතා විසින් සිදු කළ අතර  සමාරම්භක උත්සවය පිළිබඳ සමාලෝචනය සහ සහභාගී වූවන්ට ස්තුතිය පුදකිරීම සන්නිවේදන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා විසින් සිදු කරන ලදී. පාඨමාලාවේ දේශන කටයුතු ආරම්භය අගෝස්තු  07 ඉරිදා දින පෙ.ව. 08.30 ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුවිණ.

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
Department of Mass Communication, University of Kelaniya, the host university, warmly invites you to join the Asian Conference for Media and Communication (ACMC) International Conference to be held from 27 to 29 October, 2022. Abstracts can be submitted in English, Sinhala and Tamil languages.
 

𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐯𝐢𝐬𝐢𝐭: https://www.asianmediacongress.org/conferences

 

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 2022 වර්ෂයට අදාළ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා  පාඨමාලාව සමාරම්භක උත්සවය මාර්තු මස 20 වන දින පෙ.ව. 10.00 ට මාර්ගගත ක්‍රමයට  පැවැත්විණ. පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කිරීම පාඨමාලා සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් සිදු කරන ලදී.

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search