Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සමාජ වැඩ විෂය ඒකකයකට අදාළව කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථි කණ්ඩායමක් විසින් සම්ප්‍රාප්ති 2022 යන ව්‍යාපෘතිය ඉකුත් මස 08 වන දින පැවැත්වූහ.

සම්ප්‍රාප්ති 2022 යන ව්‍යාපෘතියට සමගාමීව ගණේමුල්ල හේමමාලි ජාතික පාසල සහ වේයන්ගොඩ මාරපොල ජාතික පාසලේ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 දෙනෙක් 2022/11/08 වන දින විශ්වවිද්‍යාලයට ආරාධනා කරනු ලැබූහ. ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස එම පාසල් සිසුන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් එක්දින වැඩමුළුවක් කැළණිය විශ්වවිද්‍යාලීය සමාජ විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වන ලදි. කැළණිය විශ්වවිද්‍යාලයේ, ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා සහ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුණි. වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන විජයානන්ද රූපසිංහ මහතා සහභාගී වූ අතර ඉහත පාසල්වල සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුවරුන් ද සහභාගී වූහ. වැඩමුළුව අවසානයේ සහභාගී වූ සිසු දරු දැරියන්ට සහභාගීත්ව සහතික පත්‍ර සහ සමරු පිරිනමන ලදි.

ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ඉහත පාසල් දරු දැරියන් ජනමාධ්‍ය මාධ්‍යය ආයතන කිහිපයක් වෙත ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා රැගෙන යන ලදි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව , ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ සඳ ටීවී ආයතනය යන මාධ්‍ය ආයතන ත්‍රිත්වය වෙත එම මාධ්‍ය චාරිකාව යෙදී තිබූ අතර එම මාධ්‍ය ආයතන තුනෙහි ම අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් ද ලබා ගැනීමටත් හැකි විය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ද ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර සජීවී පටිගත කිරීම් සඳහාත් දරු දැරියන්ට අවස්ථාවක් හිමි විය. 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Film discussion on the film ‘Alborada’ was held successfully on the 25th of October 2022 at the Social Science Faculty Auditorium, University of Kelaniya.
It was organized by the Department of Mass Communication followed by the 'Alborada’ film screening which happened on 17th October 2022.
Dr. Mahesh Hapugoda, Dr.Nimmi Nalika, Mr.Malcom Machado, Mr.Saman Wickckramarachchi, Mr. Channa Deshapriya (DOP of the film) and Mr. Bimal Dushmantha (Production Designer of the film) were present at the event as discussion panelists. Further, the director of the film Mr. Asoka Handagama joined the discussion through zoom. Senior Lecturer Samanthika Priyadarshani moderated the discussion. 
The academic staff and undergraduates of the Department of Mass Communication were present at the discussion.

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Film discussion on the documentary film ‘Demons in Paradise’ was held successfully on 14th of October 2022 at the Audio-Visual Studio of the Department of Mass Communication, University of Kelaniya.
It was organized by the 2nd year undergraduates of  BA (Hons) in Public Relations and Media Management Degree.
The discussion was held with the participation of the director of the documentary film, Mr. Jude Rathnam.
The academic staff and undergraduates of the Department of Mass Communication were present in this occasion.

ඔක්තෝබර් මස 12 වන දින  මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථීන් විසින් ධර්මාලෝක ශාලාවේදී  තිරගත කරන ලද Demons in paradise චිත්‍රපටය පිළිබඳ එහි අධ්‍යක්ෂ ජූඩ් රත්නම් මහතාගේ ප්‍රධානත්වයෙන් විචාරාත්මක බුද්ධිමය සංවාදය ඔක්තෝබර් මස 14 වන සිකුරාදා දින   කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන ශබ්දාගාරයේදී අතිසාර්ථක අන්දමින් සිදු කෙරිණි.

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනසන්නිවේදනය සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ  ගෞරව උපාධි අවසන් වසර විද්‍යාර්ථියන්ගේ වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව නොවැම්බර් 18 ,19 දෙදිනට සංවිධානය විය.සංචාරක ගමනාන්තයක් වන ත්‍රිකුණාමලය නගරය මුල් කරගනිමින් මෙවර අධ්‍යයන චාරිකාව සංවිධානය වූ අතර විද්‍යාර්ථියන්ගේ පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක වූයේ ත්‍රිකුණාමලය නගරය, මත්ස්‍ය වෙළෙඳ පොළ, කෝනේෂ්වරම්  කෝවිල, නාවික කදවුර හා කාලි කෝවිල යන නැරඹුම් ස්ථාන මුල්කර ගනිමිනි.සංස්කෘතික විවිධත්වය හා ප්‍රජා විද්‍යාත්මක සාධක විශේෂ කොටගෙන මොජෝ කතා හෙවත් Mojo (Mobile Journalism ) Stories  නිර්මාණය කිරීම මෙහිදී සිදු විය. ජනසන්නිවේදන  අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුලු අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය සහ සහකාර කථිකාචාර්යවරු දෙදින ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවට සහභාගි වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

A trio of documentaries were screened at Dharmaloka Hall on Wednesday, 19th October at 6 pm organized by the second-year students of the Public Relations and Media Management (Hons) Degree, University of Kelaniya.  Vishnu Vasu's Amma, Gayaramya Alvis' Unseen Idol, and Ganga Rajini Dissanayake's Rio Paradiso are the three documentaries. Special guests including the Head of the Department and the academic staff of the department of Mass Communication and undergraduates participated in this event. At the end of the film Rio Paradiso, a discussion was held with the participation of its director Mrs. Ganga Rajini Dissanayake.

කැලණිය විශ්වවිද්‍යාලීය මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථීන්ගේ සංවිධානයෙන් 2022 ඔක්තෝබර් මස 19 වන බදදා දින සවස 6ට  වාර්තා චිත්‍රපට ත්‍රිත්වයක් ධර්මාලෝක ශාලාවේදී තිරගත කෙරිණි. විෂ්ණු වාසුගේ "අම්මා" , ගයාරම්‍ය අල්විස්ගේ "නොදුටු පිළිමය" සහ ගංගා රාජිනී දිසානායකගේ "Rio Paradiso" එම  වාර්තා චිත්‍රපට ත්‍රිත්වයයි. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ  අංශාධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, ආරාධිත අමුත්තන් සහ විද්‍යාර්ථීන්  මෙම අවස්ථාවට සහභාගී වූ අතර Rio Paradiso වාර්තා  චිත්‍රපටය අවසානයේ එහි අධ්‍යක්ෂ ගංගා රාජිනී දිසානායකගේ සහභාගීත්වයෙන්  සංවාදමය කථිකාවතක් ද සාර්ථක අන්දමින් සිදු විය.

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The documentary film “Demons in Paradise” directed by Mr. Jude Rathnam was screened at 6.00 pm on 12th of October at the Dharmaloka Hall of the University of Kelaniya.
It was organized by the 2nd year undergraduates of the BA (Hons) in Public Relations and Media Management Degree.
Head of the Department of Mass Communication, Senior Lecturer Wijayananda Rupasinghe and other distinguished guests and nearly a thousand undergraduates were present at this event.

කැලණිය විශ්වවිද්‍යාලීය මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථීන් විසින් ජූඩ් රත්නම් මහතාගේ Demons in paradise නම්  වාර්තා චිත්‍රපටය 2022 ඔක්තෝබර් 12 වන දින සවස 6.00ට  ධර්මාලෝක ශාලාවේ දී තිරගත කෙරිණි. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ  අංශාධිපතිතුමා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් සහ දහසකට ආසන්න විද්‍යාර්ථීන් සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

"පිපෙන්නට වෙර දරන මල් කැකුළු වලට සවිය දෙනු වස්..." සැළලිහිණියා රාජාංගනයට

ජනසන්නිවේදන ගෞරව උපාධි දෙවන වසර විද්‍යාර්ථීන් විසින් ඔවුන්ගේ සමාජ සුභසාධන ව්‍යාපෘති විෂය ඒකකයට අදාළව පළමු අදියර වශයෙන් ක්‍රියාත්මක කරන ලද  "සැළලිහිණියා රාජාංගනයට " ව්‍යාපෘතිය පසුගිය 5 වන දා නිමාවට පත් කරන ලදී.‍ රාජාංගනය දුෂ්කර පාසල් කිහිපයක දරු දැරියන්ගේ සහජ කුසලතා හා නිර්මාණාත්මක හැකියාවන් හදුනා ගෙන විශේෂ ඇගයීමකට ලක් කරමින් ඔවුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබා දීම මෙහිදී සිදු විය. 
ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය රාජාංගනය ශ්‍රී බෝධිරාජාරාමයේ පැවැත්වුණු අතර එයට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කීර්ති පැස්කුවෙල් මහතා, කථිකාචාර්ය ඉලේකා රුවන්පතිරණ මහත්මිය සහ සහකාර කථිකාචාර්යවරු සහභාගි වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Department of Mass Communication, University of Kelaniya hosted the film screening of the film, “Alborada” directed by Mr. Asoka Handagama, on 17th of October 2022. The screening happened at the Dharmaloka Hall, University of Kelaniya at 6.00 pm.
 
Senior Lecturer Wijayananda Rupasinghe (Head of the Mass Communication Department) along with other staff members, Senior Prof. Patric Rathnayaka (Director-university art council), Bimal Dushmantha (production designer of the film) with some other crew members, popular film and tele drama actor, Suraj Maapa, and many more distinguished guests were present for this film screening. It was a notable fact that the event was a huge success attending nearly a thousand five hundred spectators.

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

A debate on "Whether Legal Censorship or Self Censorship is better for Mass Media" was held on Friday, October 7, 2022 between two teams of first year students of Mass Communication honors degree program. Senior Lecturer Wijayananda Rupasinghe, Senior Lecturer Samanthika Priyadarshani, Senior Lecturer Dhammika Bandara Herath, Senior Lecturer Mangala Keerthi Pasquale and Mr. Pushpa Madushan, an alumni member of the department were called in to sit on the panel of judges. The event was held at the Audio-Visual Studio of the Department.

සංකථන 

"ජනමාධ්‍ය සඳහා ස්වයං වාරණයට වඩා නෛතික වාරණය වඩා සුදුසුයි." යන යෝජක හා ප්‍රතියෝජක විවාදයක්,  ජනසන්නිවේදන ගෞරව උපාධි පළමු වසර සිසුන්ගේ MACO 21423 විෂය ඒකකයට අදළව ඉකුත් 7 වන දා පැවැත්වුණි. අධ්‍යයන අංශ ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේ පැවැත්වුණු විවාදයේ විනිශ්චය මණ්ඩලය ලෙස අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා,ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කීර්ති පැස්කුවෙල් මහතා හා ආදි විද්‍යාර්ථී පුෂ්ප මදුශාන් මහතා සහභාගි වූහ.

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search