Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ හයවන කණ්ඩායම විසින් ඉකුත් පෙබරවාරි 12 වන දා සිය විෂය සමගාමි ක්‍රියාකාරකමක් ලෙස ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රායෝගික වැඩසටහනක්  සංවිධානය කරන ලදී. "වෙරළයි මුහුද රකින්නේ" තේමා කොටගත් මෙම ව්‍යාපෘතියට මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය, ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  විජයානන්ද රූපසිංහ මහතා ඇතුළු අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් සහභාගී විය.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සමාජ වැඩ විෂය ඒකකයකට අදාළව කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථි කණ්ඩායමක් විසින් ශ්‍රාම්ගේ දෙවන ලිපිය යන ව්‍යාපෘතිය ඉකුත් මස 17 වන දින පැවැත්වීය.

ශ්‍රාම්ගේ දෙවන ලිපිය යන ව්‍යාපෘතිය යටතේ කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය ප්‍රතිසංස්කරණය කර මාධ්‍ය ඒකකයට අවශ්‍ය මාධ්‍ය උපකරණ ලබා දීම සිදු කරනු ලැබී ය. බෝමිරය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට, විශේෂයෙන් සන්නිවේදන හා මාධ්‍ය විෂය හදාරන සිසුන්ට දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යතාවයක්ව පැවැති මාධ්‍ය ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම සහ මාධ්‍ය උපකරණ ලබා දීම මඟින් එම පාසලේ සිසුන්ගේ මෘදු කුසලතා හා මාධ්‍ය කුසලතා වැඩිදියුණු කරගැනීමට මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

ශ්‍රාම්ගේ දෙවන ලිපිය ව්‍යාපෘතිය යටතේ මාධ්‍ය ඒකකය Sound proof කිරීම සහ මාධ්‍ය ඒකකයේ පරිහරණය සඳහා රැහැන් සහිත මයික්‍රොෆෝන් 02ක්, රැහැන් රහිත මයික්‍රොෆෝන් 02ක්, Sound Mixer 01ක් Head phone 01ක් මයික් ස්ටෑන්ඩ් 02ක් ඇතුළු කේබල් වර්ග කිහිපයක් ද පරිත්‍යාග කර ඇත.

නව මාධ්‍ය ඒකකය විවෘත කිරීම සනිටුවහන් කිරීම සඳහා බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි. නව මාධ්‍ය ඒකකය විවෘත කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන විජයානන්ද රූපසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය. එදින උත්සවය සඳහා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුළුව එම අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා, කථිකාචාර්ය ඉලේකා රුවන්පතිරණ මහත්මිය සහ සහකාර කථිකාචාර්යවරු ද සහභාගි වූහ. උත්සවය අතරතුර “ශ්‍රාම්ගේ දෙවන ලිපිය” ව්‍යාපෘතිය භාරදීමේ සන්නස පාසලේ විදුහල්පති අසංග මනෝජ් තිලකරත්න මහතා වෙත බාර දෙනු ලැබීය.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

"පිපෙන්නට වෙර දරන මල් කැකුළු වලට සවිය දෙනු වස්..." සැළලිහිණියා රාජාංගනයට

ජනසන්නිවේදන ගෞරව උපාධි දෙවන වසර විද්‍යාර්ථීන් විසින් ඔවුන්ගේ සමාජ සුභසාධන ව්‍යාපෘති විෂය ඒකකයට අදාළව පළමු අදියර වශයෙන් ක්‍රියාත්මක කරන ලද  "සැළලිහිණියා රාජාංගනයට " ව්‍යාපෘතිය පසුගිය 5 වන දා නිමාවට පත් කරන ලදී.‍ රාජාංගනය දුෂ්කර පාසල් කිහිපයක දරු දැරියන්ගේ සහජ කුසලතා හා නිර්මාණාත්මක හැකියාවන් හදුනා ගෙන විශේෂ ඇගයීමකට ලක් කරමින් ඔවුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබා දීම මෙහිදී සිදු විය. 
ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය රාජාංගනය ශ්‍රී බෝධිරාජාරාමයේ පැවැත්වුණු අතර එයට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කීර්ති පැස්කුවෙල් මහතා, කථිකාචාර්ය ඉලේකා රුවන්පතිරණ මහත්මිය සහ සහකාර කථිකාචාර්යවරු සහභාගි වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් පවත්වාගෙන යනු ලබන ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ 17වන කණ්ඩායමේ සුහද හමුව රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් හී දී 2023.02.18 දින පැවැත්විණි. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා, ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනිති ජයසේකර ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සඳහා සහභාගී විය. 

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සමාජ වැඩ විෂය ඒකකයකට අදාළව කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථි කණ්ඩායමක් විසින් සම්ප්‍රාප්ති 2022 යන ව්‍යාපෘතිය ඉකුත් මස 08 වන දින පැවැත්වූහ.

සම්ප්‍රාප්ති 2022 යන ව්‍යාපෘතියට සමගාමීව ගණේමුල්ල හේමමාලි ජාතික පාසල සහ වේයන්ගොඩ මාරපොල ජාතික පාසලේ අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 දෙනෙක් 2022/11/08 වන දින විශ්වවිද්‍යාලයට ආරාධනා කරනු ලැබූහ. ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස එම පාසල් සිසුන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම ඉලක්ක කරගනිමින් එක්දින වැඩමුළුවක් කැළණිය විශ්වවිද්‍යාලීය සමාජ විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වන ලදි. කැළණිය විශ්වවිද්‍යාලයේ, ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා සහ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය විසින් වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය සපයනු ලැබුණි. වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාල ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන විජයානන්ද රූපසිංහ මහතා සහභාගී වූ අතර ඉහත පාසල්වල සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය භාර ගුරුවරුන් ද සහභාගී වූහ. වැඩමුළුව අවසානයේ සහභාගී වූ සිසු දරු දැරියන්ට සහභාගීත්ව සහතික පත්‍ර සහ සමරු පිරිනමන ලදි.

ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ඉහත පාසල් දරු දැරියන් ජනමාධ්‍ය මාධ්‍යය ආයතන කිහිපයක් වෙත ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා රැගෙන යන ලදි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව , ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ සඳ ටීවී ආයතනය යන මාධ්‍ය ආයතන ත්‍රිත්වය වෙත එම මාධ්‍ය චාරිකාව යෙදී තිබූ අතර එම මාධ්‍ය ආයතන තුනෙහි ම අභ්‍යන්තර ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් ද ලබා ගැනීමටත් හැකි විය. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ද ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර සජීවී පටිගත කිරීම් සඳහාත් දරු දැරියන්ට අවස්ථාවක් හිමි විය. 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

The Film discussion on the film ‘Alborada’ was held successfully on the 25th of October 2022 at the Social Science Faculty Auditorium, University of Kelaniya.
It was organized by the Department of Mass Communication followed by the 'Alborada’ film screening which happened on 17th October 2022.
Dr. Mahesh Hapugoda, Dr.Nimmi Nalika, Mr.Malcom Machado, Mr.Saman Wickckramarachchi, Mr. Channa Deshapriya (DOP of the film) and Mr. Bimal Dushmantha (Production Designer of the film) were present at the event as discussion panelists. Further, the director of the film Mr. Asoka Handagama joined the discussion through zoom. Senior Lecturer Samanthika Priyadarshani moderated the discussion. 
The academic staff and undergraduates of the Department of Mass Communication were present at the discussion.

 

Previous Next

User Rating: 4 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Inactive

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ 18 වන කණ්ඩායමේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව 2022 දෙසැම්බර් මස 17 සහ 18 යන දෙදින සංවිධානය විය. එහි දී කඳුරට සේවය හා උඩවත්ත කැළය ආශ්‍රිතව රූපවාහිනී මාධ්‍ය විෂයට අදාළව වාර්තා වැඩසටහන් 05ක නිර්මාණ කටයුතු සිදු කෙරුණි. මේ සඳහා ඩිප්ලෝමා අපේක්ෂකයින් 58ක් සහ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සහ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනිති ජයසේකර මහත්මිය  ​ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දසදෙනෙකු මේ සඳහා සහභාගී වූහ. 
 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනසන්නිවේදනය සහ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ  ගෞරව උපාධි අවසන් වසර විද්‍යාර්ථියන්ගේ වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව නොවැම්බර් 18 ,19 දෙදිනට සංවිධානය විය.සංචාරක ගමනාන්තයක් වන ත්‍රිකුණාමලය නගරය මුල් කරගනිමින් මෙවර අධ්‍යයන චාරිකාව සංවිධානය වූ අතර විද්‍යාර්ථියන්ගේ පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක වූයේ ත්‍රිකුණාමලය නගරය, මත්ස්‍ය වෙළෙඳ පොළ, කෝනේෂ්වරම්  කෝවිල, නාවික කදවුර හා කාලි කෝවිල යන නැරඹුම් ස්ථාන මුල්කර ගනිමිනි.සංස්කෘතික විවිධත්වය හා ප්‍රජා විද්‍යාත්මක සාධක විශේෂ කොටගෙන මොජෝ කතා හෙවත් Mojo (Mobile Journalism ) Stories  නිර්මාණය කිරීම මෙහිදී සිදු විය. ජනසන්නිවේදන  අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා ඇතුලු අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලය සහ සහකාර කථිකාචාර්යවරු දෙදින ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවට සහභාගි වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

A trio of documentaries were screened at Dharmaloka Hall on Wednesday, 19th October at 6 pm organized by the second-year students of the Public Relations and Media Management (Hons) Degree, University of Kelaniya.  Vishnu Vasu's Amma, Gayaramya Alvis' Unseen Idol, and Ganga Rajini Dissanayake's Rio Paradiso are the three documentaries. Special guests including the Head of the Department and the academic staff of the department of Mass Communication and undergraduates participated in this event. At the end of the film Rio Paradiso, a discussion was held with the participation of its director Mrs. Ganga Rajini Dissanayake.

කැලණිය විශ්වවිද්‍යාලීය මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ විශේෂවේදී දෙවන වසර විද්‍යාර්ථීන්ගේ සංවිධානයෙන් 2022 ඔක්තෝබර් මස 19 වන බදදා දින සවස 6ට  වාර්තා චිත්‍රපට ත්‍රිත්වයක් ධර්මාලෝක ශාලාවේදී තිරගත කෙරිණි. විෂ්ණු වාසුගේ "අම්මා" , ගයාරම්‍ය අල්විස්ගේ "නොදුටු පිළිමය" සහ ගංගා රාජිනී දිසානායකගේ "Rio Paradiso" එම  වාර්තා චිත්‍රපට ත්‍රිත්වයයි. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ  අංශාධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, ආරාධිත අමුත්තන් සහ විද්‍යාර්ථීන්  මෙම අවස්ථාවට සහභාගී වූ අතර Rio Paradiso වාර්තා  චිත්‍රපටය අවසානයේ එහි අධ්‍යක්ෂ ගංගා රාජිනී දිසානායකගේ සහභාගීත්වයෙන්  සංවාදමය කථිකාවතක් ද සාර්ථක අන්දමින් සිදු විය.

 

© {2018 - 2025} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search