ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) දෙවන වසර සිනමා සහ රූපවාහිනී මාධ්‍ය අධ්‍යයනය හදාරන විද්‍යාර්ථීන් වෙනුවෙන් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබද විශේෂ ප්‍රායෝගික වැඩමුළුවක් පසුගියදා (24), (31) පැවැත්වුණි. මහරගම ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ ප්‍රධාන ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේදී පැවති මෙම දෙදින වැඩමුළුව සදහා ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ සහකාර අධ්‍යක්ෂක එස්.ඒ.ඩී.හසල ප්‍රේමකුමාර මහතා ඇතුළු රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක හා දේශක මේනක සංජීව හා තවත් නිලධාරීන් පිරිසක් පූර්ණ සම්පත් දායකත්වය ලබා දුන්හ. රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේ මූලිකාංග වන අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, ආලෝකකරණය, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය යනාදී විවිධ ක්ෂේත්‍ර පිළිබද වටිනා ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීමට මෙහිදී විද්‍යාර්ථීන්ට හැකියාව ලැබුණි.
ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මියගේ උපදේශකත්වය හා මගපෙන්වීම අනුව සංවිධානය වූ මෙම දෙදින වැඩමුළුව සාර්ථකව නිම වූ අතර ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්ය සතුශ්ක ජයවර්ධන, සහකාර කථිකාචාර්ය නිසංසලා අබේගුණසේකර, සහකාර කථිකාචාර්ය දිමුතු ජිනසේන හා සහකාර කථිකාචාර්ය හංසනී ජයවික්‍රම යන අයද මෙයට සහභාගී වූහ.
- students activities
-
COMMENTS
- Hits: 292