Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

A workshop organized by the Public Relations and Media Management Students' Association of the Department of Mass Communication, University of Kelaniya, was held on 16th May 2023 at the Social Sciences Faculty Auditorium. This workshop was organized to provide insight into the Public Relations industry in Sri Lanka and to create an opportunity for undergraduates who follow the PRMM degree program to meet experts from the industry to obtain knowledge and experience on the requirements of a Public Relations Officer in a PR agency.

Mr. Mushthak Ahamed, Chief Operating Officer, Ms. Thilani Weerarathne, the Assistant Manager from HardTalk Pvt Ltd, Ms. Amali Fernando, Account Director, and Mr. Hasitha Perera, Senior Account Manager from Ogilvy PR, Sri Lanka, were invited as guest speakers for this workshop. The event was conducted under two sessions where guest speakers could share their own experiences in the industry. Also, they discussed how theories of PR could be applied in PR practice by giving examples from the PR campaigns they have planned and implemented for different kinds of clients in each respective agency. 

The undergraduates from all three years of PRMM of honors degree program levels participated in this workshop. Department Lecturer Wijayananda Rupasinghe, Head of the Department, Senior Lecturer Dr. Achala Abeykoon, Subject Coordinator, and all the lecturers from the Department of Mass Communication attended this event.

It was a historical milestone for the Department of Mass Communication as it was the first time that academics of the Department, PR industry experts, and undergraduates of the PRMM degree program met to have a valuable discussion on the industry on one platform. 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ආලම්බන ජායාරූප තරඟාවලියට සමගාමීව පවත්වනු ලැබූ ජායාරූපකරණ වැඩමුළුව 2023 පෙබරවාරි 28 දින අධ්‍යයන අංශ ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේ දී පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති විජයානන්ද රූපසිංහ මහතාගේ මූලිකත්යෙන් සහ එම අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් වැඩමුළුව ආරම්භ විය. වැඩමුළුව සඳහා ඡායාරූපකරණ ශිල්පීය ප්‍රවීනයන්ගේ සම්පත් දායකත්වය ලැබුණි.

වැඩමුළුවේ පළමු අදියර වූ එදින කටයුතු අධ්‍යයන කථිකාචාර්ය ගයාන් මධුසංඛ මහතා, ජායාරූප ශිල්පිණී සරසි නෙත්මිණි මෙනවිය සහ මාධ්‍ය නිලධාරිනි අමානි රූපසිංහ මහත්මිය විසින් මෙහෙයවන ලදී.

 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ 18 වන කණ්ඩායමේ ඩිප්ලෝමා අපේක්ෂකයින්ගේ නිර්මාණාත්මක කුසලතා එළි දැක්වීමේ ප්‍රසංගය “රසෝදා 2023” ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි මස 26 වන දින සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
ඒ සඳහා ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනිති ජයසේකර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික බණ්ඩාර හේරත් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගී වූහ. 


 

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සන්නිවේදන, මහජන සම්බන්ධතා හා මාධ්‍ය උපදේශක සහ ක්‍රියේටිව් කොන්ග්‍රස් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අර්ෂාද් නජුදීන් මහතාගේ විශේෂ ආරාධිත දේශනයක් අද දින කැලණිය විශ්විද්‍යාල, සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්විණි.

මහජන සම්බන්ධතාව යන තේමාවෙන් පැවැති මෙම දේශනය කැලණිය විශ්විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශ ගෞරව උපාධි, දෙවන වසර ශිෂ්‍යන්ගේ අලෙවිකරණය හා දැන්වීම්කරණය විෂය ඒකකයට අදාළ ඇගැයුම් ක්‍රියාකාරකමක් වශයෙන් සංවිධානය කර තිබුණි. දේශනය සඳහා විද්‍යාර්ථීන්ට අමතරව ජනසන්නිවේදනය අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ඉලේකා රුවන්පතිරණ හා සහාය කථිකාචාර්යය සකීෆ් සාම් සහ නිසංසලා අබේගුණසේකර යන අය සහභාගී වී සිටියහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අද (2) ජනසන්නිවේදන ගෞරව උපාධි දෙවන වසර විද්‍යාර්ථීන් විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නැරඹීමේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සම්බන්ධ විය. සිනමාව හා රූපවාහිනී විෂය ක්ෂේත්‍රයට අදාළව මේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව යොදා ගැනුණි. මෙයට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න මහතා,සහකාර කථිකාචාර්ය නිසංසලා අබේගුණසේකර යන අය ද සම්බන්ධ වූහ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ හයවන කණ්ඩායම විසින් ඉකුත් පෙබරවාරි 12 වන දා සිය විෂය සමගාමි ක්‍රියාකාරකමක් ලෙස ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රායෝගික වැඩසටහනක්  සංවිධානය කරන ලදී. "වෙරළයි මුහුද රකින්නේ" තේමා කොටගත් මෙම ව්‍යාපෘතියට මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය, ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  විජයානන්ද රූපසිංහ මහතා ඇතුළු අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් සහභාගී විය.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් වන ජීවනි ෂාමිලා නාගසේන මහත්මියගේ විශේෂ ආරාධිත දේශනයක් 2023.05.10 දින කැලණිය විශ්විද්‍යාල, සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්විණි. පාරිභෝගික සේවාව යන තේමාවෙන් පැවැති මෙම දේශනය කැලණිය විශ්විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශ ගෞරව උපාධි, දෙවන වසර ශිෂ්‍යන්ගේ අලෙවිකරණය හා දැන්වීම්කරණය විෂය ඒකකයට අදාළ ඇගැයුම් ක්‍රියාකාරකමක් වශයෙන් සංවිධානය කර තිබූණි. දේශනය සඳහා විද්‍යාර්ථීන්ට අමතරව ජනසන්නිවේදනය අධ්‍යයන අංශ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වූහ.
  

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ජනමාධ්‍ය පුහුණුකරු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී. දොඩාවත්ත මහතාගේ සම්පත් දායකත්වයෙන් විශේෂාංග ලිපි රචනය පිළිබඳ වැඩමුළුවක් 27 (සදුදා) වන දින කැලණිය විශ්විද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ පැවැත්විණි. 

ජනසන්නිවේදනය හදාරන විද්‍යාර්ථීන්ගේ ලේඛන කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සන්නිවේදකයා සඟරාවේ සංස්කාරක මණ්ඩලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණු අතර මෙයට ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා හා සහකාර කථිකාචාර්ය සකීෆ් සාම් හා  සහකාර කථිකාචාර්ය නිසංසලා අබේගුණසේකර යන අය ද ජනසන්නිවේදනය හදාරන විද්‍යාර්ථීන් ද සම්බන්ධ විය.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් පවත්වාගෙන යනු ලබන ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ 17වන කණ්ඩායමේ සුහද හමුව රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් හී දී 2023.02.18 දින පැවැත්විණි. ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා, ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිනිති ජයසේකර ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සඳහා සහභාගී විය. 

 

© {𝟮𝟬𝟭𝟴 - 𝟮𝟬𝟮𝟰} 𝗗𝗲𝗽𝗮𝗿𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝗠𝗮𝘀𝘀 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻. 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱. 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘉𝘺 𝘔𝘈𝘊𝘖 𝘞𝘦𝘣 𝘛𝘦𝘢𝘮

Search